පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා රැස්වෙයි

Report

2025 සැප්තැම්බර් දෙවැනි පාර්ලිමේන්තු සතියේ කටයුතු, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ අනුව, පාර්ලිමේන්තුව 2025 සැප්තැම්බර් 23 සිට 26 දක්වා රැස්වීමට නියමිතය.

පාර්ලිමේන්තු සැසිවාරයේ වේලාවන්:

  • පෙ.ව. 9:30 - 10:00: ස්ථාවර නියෝග 22(1) සිට 22(8) යටතේ සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා.
  • පෙ.ව. 10:00 - 11:00: වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා.
  • පෙ.ව. 11:00 - ප.ව. 7:30: ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා. 

2025 සැප්තැම්බර් 23 (අඟහරුවාදා):

  • පෙ.ව. 11:30 - ප.ව. 5:00: ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය.
  • ප.ව. 5:00 - 5:30: විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන යෝජනාව විවාදය.

2025 සැප්තැම්බර් 24 (බදාදා):

  • පෙ.ව. 11:30 - ප.ව. 5:00: දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය.
  • ප.ව. 5:00 - 5:30: සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න.

2025 සැප්තැම්බර් 25 (බ්‍රහස්පතින්දා):

  • පෙ.ව. 11:30 - ප.ව. 5:00: ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමේ විවාදය.
  • ප.ව. 5:00 - 5:30: විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන යෝජනාව විවාදය.

2025 සැප්තැම්බර් 26 (සිකුරාදා):

  • පෙ.ව. 11:30 - ප.ව. 5:30: ආණ්ඩු පාර්ශවය විසින් ගෙනෙන යෝජනාව යටතේ “පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වන වාර්තාව” පිළිබඳ සභාව කල්තබන විවාදය.