ඉන්දියානු මංගල වෙළඳපොළට ලංකාවේ විශේෂ ආරාධනයක්

Report

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය, වර්ධනය වන ඉන්දියානු විවාහ වෙළඳපොළ ඉලක්ක කර ගනිමින්, ඉන්දියාව පුරා සුඛෝපභෝගී විවාහ සංදර්ශන සංවිධානය කර ඇත.

අහමදාබාද්, මුම්බායි සහ නවදිල්ලිය ඇතුළු නගර ආවරණය කරමින්, ශ්‍රී ලංකාව ඉන්දියානු ජෝඩු සඳහා ආකර්ෂණීය මංගල ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම මෙම සංදර්ශනවල අරමුණයි.

විවාහ සැලසුම්කරුවන් සහ හෝටල් ඇතුළු ශ්‍රී ලාංකික ප්‍රදර්ශකයන් 14 දෙනෙකු, ඉන්දියානු සංචාරක නියෝජිතයන්, මංගල සැලසුම්කරුවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සෘජුව සම්බන්ධ වෙමින් මෙම සංදර්ශනවලට සහභාගී වී ඇත.

සමහර මැති ඇමතිවරු මාස් පතා ගෙදර ගිහිල්ලා සල්ලි අරන් ලැජ්ජයි නීති රකින්න ඕනේ අය කරන වැඩද මේ - අනුර

සමහර මැති ඇමතිවරු මාස් පතා ගෙදර ගිහිල්ලා සල්ලි අරන් ලැජ්ජයි නීති රකින්න ඕනේ අය කරන වැඩද මේ - අනුර

 “බෙන්තොට, හම්බන්තොට සහ වැලිගම වැනි දකුණු පළාත් ගමනාන්ත, හිල්ටන් සහ ෂැන්ග්‍රි-ලා වැනි විශාල රැස්වීම් පැවැත්විය හැකි හෝටල් පහසුකම් සමඟ, සාම්ප්‍රදායිකව ඉන්දියානු විවාහ සඳහා ජනප්‍රිය වී තිබෙනවා. නමුත්, දැන් අපි ත්‍රිකුණාමලය, පාසිකුඩා සහ ආරුගම් බේ වැනි නැගී එන ගමනාන්ත ද ඉන්දියානු විවාහ සඳහා ප්‍රවර්ධනය කරමින් සිටිනවා” 

යනුවෙන් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් පැවසීය.

ලෝක ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට ඉදිරිය ආ ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය යළි පහළට

ලෝක ශ්‍රේණිගත කිරීමෙන් ඉදිරියට ඉදිරිය ආ ශ්‍රී ලංකා විදෙස් ගමන් බලපත්‍රය යළි පහළට

වර්තමානයේ, ශ්‍රී ලංකාවට පැමිණෙන සාමාන්‍ය ඉන්දියානු විවාහ කණ්ඩායමක් දින 7 සිට 10 දක්වා රැඳී සිටින අතර, එයට විවාහයට පෙර සහ පසු උත්සව ඇතුළත් වේ. පසුගිය මාස 8 තුළ පමණක්, ශ්‍රී ලංකාවේ විශාල ඉන්දියානු විවාහ 30ක් සහ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ විවාහ 50ක් පැවැත්වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

“අපි දැනට පවත්වන ඉන්දියානු විවාහ සංඛ්‍යාව දෙගුණ කිරීමට අපට හැකියාව තිබෙනවා. ඉන්දියාව පුරා මෙම විවාහ සංදර්ශන නිතිපතා පැවැත්වීම අපගේ ඉලක්කයයි”

ඉදිරි මාසවලදී දකුණු ඉන්දියානු නගරවලට මෙම වැඩසටහන් ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර, සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් සඳහා චාරිකා පැවැත්වීමට සහ ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඉලක්ක කර ගනිමින් විවාහ කේන්ද්‍ර කරගත් ඩිජිටල් ව්‍යාපාර පැවැත්වීමට ද සැලසුම් කර තිබේ.

කඩවල්වලින් බිස්කට් කන්නේ බලාගෙන මෙහෙමත් මුදලාලිලා ඉන්නවා

කඩවල්වලින් බිස්කට් කන්නේ බලාගෙන මෙහෙමත් මුදලාලිලා ඉන්නවා

Jewellery පාවිච්චියට කලින් මේ දේවල් ගැන දැන ගන්න

Jewellery පාවිච්චියට කලින් මේ දේවල් ගැන දැන ගන්න