වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනාපු කෙනා වැඩ නවත්වලා. - අතිකාල හා නිවාඩු දින වැටුප් වලට මිලියන ගානක් ගිහින්.

By Wayomi Nov 19, 2024 07:21 AM GMT
Report

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවතින බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් නිකුත්කොට ඇති ලිපියට අනුව සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම සනාථ කළ හැකි පරිදි ඇගිලි සලකුණු යන්ත්‍ර 2017 වර්ෂයේ ජුලි මස 01 වැනිදින සිට ක්‍රියාත්මක නොකරන්නේ නම් වර්තමාන වැටුපට අනුව අතිකාල දිමනා නොගෙවිමට වගබලාගතයුතු බවට දන්වා ඇත.

කෙසේ වෙතත් ඉකුත් වර්ෂයේ දි (2023) සෞඛ්‍ය කාර්යමණ්ඩල සදහා අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් රුපියල් මිලියන (38,236.83 ) මුදලක් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රී වැටුප ගැන ඇත්තම කතාව මෙන්න.- ඔවුන්ට දීමනා ලැබෙන්නේ මෙහෙමයි.

 

ඒ , අනුව අතිකාල හා නිවාඩු දින වැටුප් වෙනුවෙන් වැයකොට තිබු මුළු මුදල වැටුප් පිරිවැයෙන් සියයට 72ක් බවද විගණන වාර්තාවේ සදහන්.

මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විගණනයට සදහන් කොට ඇත්තේ රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ ප්‍රකාරව ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කළයුතු බවට උපදෙස් ලබාදෙමින් අභ්‍යන්තර චක්‍ර ලේඛයක් හා පොදු ලිපියක් නිකුත්කර ඇති නමුත් වෘත්තිය සමිති විරෝධතා හේතුවෙන් මෙතෙක් එය ක්‍රියාත්මක කිරිමට නොහැකි වී ඇති බවයි.

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

3 වන වාරයේ පාසල් නිවාඩු දිනය ගැන දැනුම්දෙයි. - දෙවන අදියර ජනවාරි 2-17 දක්වා. (නිවේදන)

ශ්‍රී ලංකාවේ පළමු දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා වෙනුවෙන් පළමු වරට පාර්ලිමේන්තු ගර්භයේ වෙනස්කම් රැසක්. - එය සිදු වන්නේ මෙහෙමයි.- (VIDEO)

ශ්‍රී ලංකාවේ පළමු දෘශ්‍යාබාධිත මන්ත්‍රීවරයා වෙනුවෙන් පළමු වරට පාර්ලිමේන්තු ගර්භයේ වෙනස්කම් රැසක්. - එය සිදු වන්නේ මෙහෙමයි.- (VIDEO)

නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.

නව ආණ්ඩු පෙරළියත් සමඟ ශ්‍රී ලංකා ඩොලරයට සිදු වී ඇති දේ. - ප්‍රධාන වානිජ බැංකු විනිමය අනුපාතික මෙන්න.