ගුවන් වාර ගණන සීමා කරමින් ගුවන් ගාස්තු ඉහළට

Report

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමත් සමඟ ගෝලීය ප්‍රවාහන ක්ෂේත්‍රය දැඩි අර්බුදයකට පත්ව තිබේ. විශේෂයෙන්ම ගුවන් සේවා සමාගම් මෙම තත්ත්වයෙන් දැඩි බලපෑමකට ලක්වී ඇත.

බොරතෙල් මිලට වඩා වේගයෙන් ඉහළ යන ගුවන් යානා ඉන්ධන (Jet Fuel) මිල මෙම අර්බුදය තවත් තිව්‍ර කර ඇත. ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය සමඟ ආරම්භ කරන ලද යුද්ධමය වාතාවරණය හේතුවෙන්, Refining Margins පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් තිබේ.

හැමෝටම දාන තග අපිට දාන්න එපා මුද්දරස්පළං පොතේ ලෝගෝ එක ඇන්ද පුද්ගලයා කසුන් සහ මාධවීගේ පැටිකිරියම දිග හරියි

හැමෝටම දාන තග අපිට දාන්න එපා මුද්දරස්පළං පොතේ ලෝගෝ එක ඇන්ද පුද්ගලයා කසුන් සහ මාධවීගේ පැටිකිරියම දිග හරියි

මෙම තත්ත්වය හේතුවෙන් ලොව පුරා ගුවන් සමාගම් රැසක් සිය ගුවන් ගමන් ගාස්තු ඉහළ නැංවීමට, අමතර ඉන්ධන අධිභාර (Fuel Surcharges) පැනවීමට සහ ගුවන් ගමන් වාර සීමා කිරීමට පියවර ගනිමින් සිටී.

ඊට පෙර, ඉන්ධන මිල උච්චාවචනය වීමේදී ආරක්ෂා වීම සඳහා 'හෙජිං' (Hedging) ගිවිසුම් වලට ඇතුළත් වූ සමාගම් පවා, දැඩි අසාමාන්‍ය මිල ඉහළ යාම හේතුවෙන් දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදු වී තිබෙන බවට වාර්තා වේ.

නවසීලන්ත ජනතාව පීඩාවට - ගුවන් ගමන් 1100 ක් අවලංගුයි

නවසීලන්ත ජනතාව පීඩාවට - ගුවන් ගමන් 1100 ක් අවලංගුයි