යුද්ධේ අවසානය ගැන දන්නේ ශ්‍රී ලංකාවේ හිටපු අමෙරිකානු තානාපති ජූලි චංග්ද? මුජිබර් ජනපතිට ඇඟිල්ල දික් කරයි
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් ජනාධිපතිවරයා ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුව මැද පෙරදිග යුද්ධය අවසන් කිරීම ගැන ඇසිය යුත්තේ ශ්‍රී ලංකාවේ හිටපු ඇමෙරිකානු තානාපති ජූලි චංග් මහත්මියගෙන් බව පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (12) දින පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින්.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළේ ජූලි චංග් මහත්මිය හේතුවෙන් ඇයගෙන් මැද පෙරදිග යුද්ධය නවත්වන දිනය ගැන ගැන විමසිය යුතු බවයි.
එසේම එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේ,
‘‘ඉන්ධන මිල වැඩි කිරීම සඳහා රටේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. ඒ වගේම භාණ්ඩ හා සේවාවල මිලත් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම රටේ උද්ධමනයත් ඒ අනුව ඉහළ යන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම ගල්ෆ් කලාපය තුළ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ලෝකයේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙනවා. කෙසේ නමුත් ලෝකයේ යුදමය වාතාවරණයක් තිබෙන අවස්ථාවක ඉන්ධන මිල ඉහළ යාම සාමාන්‍යයි. ඒ බව මීට පෙරත් සිදුවෙලා තිබෙනවා. ඒ වගේම ඉන්ධන මිල වැඩි කිරිමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවත් තෙල් සංචිත තිබෙන බවත් ජනාධිපති අනුර දිසානායක මහතා පසුගියදා පාර්මේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ වගේම ඉන්ධන නැවක් පැමිණෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒ නිසා ඉන්ධන මිල වැඩි කිරීමට කිසිදු අවශ්‍යතායක් නැති බව ජනාධිපතිවරයා සඳහන් කළා. ඒ වගේම රට තුළ තෙල් සංචිත තිබෙන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණාත් ප්‍රකාශ කළා. නමුත් පසුගියදා අධික මිලකින් ඉන්ධන මිල වැඩි කරන්න ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.
විදුලි බිලවත් ගෙවා ගන්න බැරි ජනතාව භාවිතා කරන භූමිතෙල් මිලත් ආණ්ඩුව වැඩි කරලා තිබෙනවා. කෙසේ නමුත් ඉන්ධන මිල වැඩි කිරීම සාධාරණිකරනය කරන්න ආණ්ඩුවේ මැති ඇමැතිවරු විවිධ කතා කියනවා. ඒ වගේම ඉන්ධන සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්නයක් විමසු විට ජනාධිපතිවරයා එම ප්‍රශ්නයට පිළිතුරු නොදි පෙරළා වෙනත් ප්‍රශ්නයක් අහනවා. එයින් පරණ ප්‍රශ්නය යට යනවා. ජනාධිපති අනුර දිසානායක අනුගමනය කරන්නේ ෆැල්ට් න්‍යාය. නමුත් අනුර දිසානායක මහතා විපක්ෂයේ සිටින කාලයේදී මෙවැනි න්‍යායන් අනුගමනය කළේ නැහැ. ඒ වගේම මැද පෙරදිග යුද්ධය ගැන ජනාධිපතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් අහනවා. ජනාධිපතිවරයා ඒ ගැන ඇසිය යුත්තේ ඔහුව බලයට ගෙන ඒමට උදව් කළ ජුලි චංග් මහත්මියගෙනුයි , ජනාධිපතිගේ අලුත් යාළුවා බෙන්ජමින් නෙතන්යාහුගෙනුයි. ඔවුන් තමයි දන්නේ මැදපෙරදිග යුද්ධය අවසන් වෙන්නේ කවදාද කියලා. රටේ සාමාන්‍ය ජනතාවගෙන් ඒවා අහලා වැඩක් නැහැ. කෙසේ නමුත් ජනාධිපතිවරයා ජනතාව මත පටවා තිබෙන අධික බදු බර අඩු කරන්නයි කටයුතු කළ යුත්තේ. නමුත් ජනාධිපතිවරයා කෙදිරි ගාමින් සිටින බවක් තමයි පෙනී යන්නේ. ඒ වගේම වර්තමාන ආණ්ඩුවත් හැසිරෙන්නේ කළු කඩ මුදලාලි කෙනෙකු වගෙයි. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමට පෙර ලංකාවට ගෙනා ඉන්ධන තොගවල මිල වැඩි කරලා විකුණන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කළු කඩ මුදාලිලා අනුගමනය කරන න්‍යායයි වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුව අනුගමනය කරන්නේ. ජනතාව සුරාගෙන කන්න ආණ්ඩුව උත්සහ කරනවා. ජනතාව සීමාවක් නැතිව පීඩාවට පත් කරනවා. ඒ වගේම වර්තමාන ආණඩුව මැදපෙරදිග යුද්ධය පෙන්නලා ලංකාවේ ජනතාවගෙන් බදු අය කරන්න කටයුතු කර තිබෙනවා.
ඒ වගේම ලෝක වෙළඳපොලෝ තෙල් බැරලයක මිල අඩුවී තිබියදීත් පසුගිය කාලයේදී ඉන්ධන මිල අඩු කරන්න ආණ්ඩුව කටයුතු කළේ නැහැ. ඒ වගේම ලෝක වෙළඳපොලේ තෙල් බැරලයක මිල පසුගිය දා වැඩි වුණා ඉන්පසුව නැවත අඩු වුණා. එවැති තත්ත්යක් තිබියදීත් ආණ්ඩුව ඉන්ධන මිල අඩු කරන්න කටයුතු කරලා නැහැ. ඒ වගේම මැද පෙරදිග ඇතිවී තිබෙන යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල වුණා. නමුත් මැදපෙරදිග යුද්ධය හරහාත් ජනතාව සූරාගෙන කන්න ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම රාජ්‍ය ආදායම වැඩිවී තිබෙන බව ආණ්ඩුව පසුගියදා ප්‍රකාශ කළා. එවැනි තත්ත්වයක් තුළ රටේ ජනතාව මත අධික බදු බරක් පටවන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව ඉන්ධන මත අධික බදු බරක් පැටවීම හරහා රටේ සිටින බහුජාතික සමාගම් පොහොසත් කරන්න කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ඉන්ධන මිල වැඩි කිරීම හරහා ආණඩුව වංචනික කූඨ ක්‍රියාවක් සිදුකළා. මේ හරහා ජනතාව දැඩි පීඩාවකට පත් වෙනවා. ජනතාවගේ ආදායම් මාර්ග අහිමි වෙලා තිබෙනවා. මිලදී ගැනීමේ ක්‍රම ශක්තිය අඩුවෙලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ පරණ ඉන්ධන තොගවල මිල වැඩි කර විකිණිම අනුමත කළ නොහැකි සාපරාධි අපරාධයක්."