‘රාජ්‍යතාන්ත්‍රික බස සංවර විය යුතුයි , සිංහල කතා කරනවනම් භාෂා පරිවර්තකයෙක්ගේ සහය ගන්න ඕනේ '' හිටපු විදේශ ලේකම් කියයි

Report

සභාවට ගැළපෙන බසින් කලබල නොවී සංවරව කතා කිරීමේ හැකියාව රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනුවලදී දේශපාලන නායකත්වයට තිබිය යුතු යැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා සදහන් කර තිබේ .

ඔහු අවධාරණය කළේ එහිදී පාවිච්චි කරන භාෂාව කවරක්ද යන්න වැදගත් නැති නමුත් සිංහල බස භාවිත කරන්නේ නම් හොඳ පරිවර්තකයකුගේ සහාය ලබා ගත යුතු බවයි.

   ඒ වගේම බලවත් රටවල රාජ්‍යතාන්ත්‍රික කණ්ඩායම් දේශපාලන නායකයන්ගේ කතා මුළුමනින් ම සටහන් කරගැනීමට ‘නෝට් ටේකර්ස්’ නමින් සටහන්කරුවන් යොදාගන්නා බවත් හිටපු විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ .

ලක්ෂ්මන් කදිර්ගාමර් හා මංගල සමරවීර වැනි විදේශ ඇමතිවරුන් සිය කතා හැසිර වූ විලාසය හා ගැඹුර නිසා ලංකාවට එවැනි වාසි ලැබුණු බවත් ද වත්මන් ජනාධිපතිවරයාගෙන් ද එවැනි හරයාත්මක කතා ශෛලියක් දැකගත හැකි යැයි ද හිටපු විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

මෙන්න මේ අයට අලුතින් බස් රථ සේවාවක් - අපහසුතාවයට පත්වුණ කාලෙ ඉවරයි

මෙන්න මේ අයට අලුතින් බස් රථ සේවාවක් - අපහසුතාවයට පත්වුණ කාලෙ ඉවරයි

 යූ ටියුබ් අවැඩසටහනකට එක්වෙමින් එතුමා මේ බව සදහන් කර තිබේ .

ඔහු මේ සම්බන්ධව තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

තමන් අහන ප්‍රශ්නයට උත්තර දෙන්න තිබෙන හැකියාව තරහ නොගෙන සංවරව තමන් කියන දේ ඕඩියන්ස් එකට අදාළ විය යුතුයි.

පාවිච්චි කරන භාෂාව ඉංග්‍රීසිද සිංහලද අදාළ නැතත් සිංහල නම් හොඳ පරිවර්තකයකු අවශ්‍යයි. ලංකාවේ පරිවර්තකයන් සම්බන්ධයෙන් මට ඇත්තේ හොඳ අත්දැකීම් නෙවෙයි.

සිංහලෙන් කතා කළ ඇතැම් රාජ්‍ය නායකයන්ගේ පරිවර්තන ඇහුවා ම පරිවර්තකයා මේ කියන්නෙ බොරුනෙ කියල මටම හිතිල තියෙනවා. පහුගිය ආණ්ඩුවල එහෙම වෙලා තියෙනවා. තමන් සාමාන්‍යයෙන් අඳින ක්‍රමය හා උස මහත අදාළ නෑ. රාජ්‍ය නායකයක් මලල ක්‍රීඩකයන් නෙවෙයිනෙ.”

අද ඩොලරයේ මිල ගණන් මෙන්න

අද ඩොලරයේ මිල ගණන් මෙන්න