ලංකාවේ ගිලුණු නැව ගැන සජිත් ප්‍රේමදාස ඉන්දියාවට හෙළි කරයි - විශේෂ අනාවරණයක් මෙන්න

Report

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ මැදපෙරදිග කලාපයේ මතුව ඇති යුදමය වාතාවරණය සහ ඉරාන නෞකා පිළිබඳව ශ්‍රී ලංකාව කටයුතු කරන්නේ ජත්‍යන්තර සම්මුතීන්වලට ප්‍රමුඛතාව දෙමින් බවයි.

ඉන්දියාවේ නාලිකාවක් සමග අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියේ,

ප්‍රශ්නය - පහරදීමට ලක්වීමට පැය 11කට පෙර, IRIS Dena නෞකාව හදිසි තත්වයක් යටතේ වරායට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටි බව වාර්තා වේ. විදේශීය බලපෑම් හේතුවෙන් රජය මෙම අවසරය ලබා දීම හිතාමතාම ප්‍රමාද කර ඉලක්කගත හමුදා ප්‍රහාරයකට ඉඩ සැලසුවාද ?

පිළිතුර - විපක්ෂ නායකවරයා ''මෙම නෞකාව අපගේ දේශීය මුහුදු සීමාවෙන් ඔබ්බෙහි, එනම් නාවික සැතපුම් 12 සීමාවෙන් පිටත තිබූ බව අපි දන්නවා. මෙම නෞකාව සමග සිදු වූ සන්නිවේදනය පිළිබඳ නිශ්චිත හා සත්‍ය තොරතුරු අප සතුව නැහැ.''

ප්‍රශ්නය - ඔබ මෙම සියලු තොරතුරු ශ්‍රී ලංකා රජයෙන් විමසා සිටියේද?

පිළිතුර - විපක්ෂ නායකවරයා ''පාර්ලිමේන්තුව තුළ අපි මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර සවිස්තරාත්මක තොරතුරු ඉල්ලා සිටියා. නමුත් මෙතෙක් අපට නිශ්චිත තොරතුරු ලබා දී නැහැ.''

ප්‍රශ්නය - ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව ඔබේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ විදේශීය සබ්මැරීනයක් පිළිබඳ කිසියම් තොරතුරක් තිබුණද ?

පිළිතුර - විපක්ෂ නායකවරයා ''ඒ සම්බන්ධයෙන් අපි රජයෙන් ප්‍රශ්න කළ නමුත් අපට නිවැරදි පිළිතුරක් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකාව කටයුුතු කරන්නේ මධ්‍යස්ථ පිළිවෙතක, සම්මුතින් වලට අනුව. රාජ්‍යයන් හැසිරිය යුතු ආකාරය පිළිබඳ සමස්ත නීතිමය රාමුවක් තිබෙනවා.''

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටි තවත් නෞකාවක් වූයේ IRIS Bushar නෞකාවයි. ශ්‍රී ලංකාවේ ජනතාව මෙම සමස්ත ප්‍රශ්නය සහ ශ්‍රී ලංකා රජය ගෙන ඇති ස්ථාවරය දෙස බලන්නේ කෙසේද?

පිළිතුර - විපක්ෂ නායකවරයා ''ශ්‍රී ලංකාවේ ස්ථාවරය මධ්‍යස්ථභාවයයි, කිසිදු පාර්ශවයකගේ පැත්තක් නොගැනීමයි. ඒ සඳහා අපිට හේග් සම්මුතිය මගින් මග පෙන්වනු ලබනවා. මිනිසුන් ආරක්ෂා කරන, ජීවිත ආරක්ෂා කරන ප්‍රතිපත්ති අප අනුගමනය කළ යුතුයි. ජාත්‍යන්තරව පිළිගත් සම්මතයන්, සම්මුතීන් සහ සිරිත් විරිත්වලට අනුව අප ක්‍රියා කරන බවටත්, සදාචාරාත්මක හැසිරීම් වල ඉහළම මූලධර්මවලට අප අනුගත වන බවටත් සහතික වෙන්න පුළුවන්.''