ජනතාව ජන්දේ දුන්නේ ගෑස් පෙන්නන්න නෙමේ සීලරතන හාමුදුරුවන්ට හොදටම කේන්ති ගිහින්
ජනතාව ජන්දේ දුන්නේ ජනතාවට ගෑස් පෙන්නන්න නෙමේ ඔවුන්ට ජීවත් වෙන්න ක්‍රමයක් අවශ්‍ය නිසා බව බත්තරමුල්ලේ සීලරතන හිමි සදහන් කර තිබේ .
උන්වහන්සේ පවතින වත්මන් තත්වය ගැන පළකලේ මෙවන් අදහසක්
'' පුළුවන් තරම් ජනතාව රවට්ටලා මුං ගත්තා .බලය බලය ගත්තට පස්සෙ අන්තිමට ජනතාවට ගෑස් පෙන්නනවා උගන්ඩාවෙ කුමාරිගෙන් අහන්න කැමති තෝ බොල තොගෙ කට කෝ ඒ තිබ්බ සල්ලි .
ගෑස් වලින් ම ජනතාව පුච්චලා තමයි ඉවර කරන්නේ තවටික දවසකින් භූමිතෙල් ටික ඒ වගේම පොහොරත් ප්‍රශ්නයක් වෙනවා . ජනතාවට ජන්දේ දුන්නේ කාටද කියලා ජනතාවට තේරෙයි . මම ට්‍රැක්ටරය ලකුණට ජන්දෙ දෙන්න කියල ඉල්ලුවා භික්ෂූන් වහන්සේ නමක් බලයට පත්වෙලා ආවනම් කවදාවත් ආණ්ඩුවට ගෑස් පෙන්නන්නේ නෑ. ''
‘රාජ්‍යතාන්ත්‍රික බස සංවර විය යුතුයි , සිංහල කතා කරනවනම් භාෂා පරිවර්තකයෙක්ගේ සහය ගන්න ඕනේ '' හිටපු විදේශ ලේකම් කියයි