මුළු ලෝකෙම සමාජ මාධ්‍ය කැළඹූ විවාහයක් - පෙම්වතා සහ හොඳම මිතුරා එක්ක එකම දවසේ විවාහ වුණ මනාලිය[PHOTOS]
විවාහයක් කිව්වමම ඉතින් ඒ අවස්ථාවම සුවිශේෂීයිනේ. හැබැයි මේ කියන්න යන්නේ ටිකක් වෙනස් විදිහේ මේ වෙන කොට සමාජ මාධ්‍ය පුරාවටම සංසරණය වන විවාහයක් ගැන.
සාම්ප්‍රදායික විවාහ ලෝකයට අලුත් අත්දැකීමක් එක් කරමින් තායිලන්තයේ කාන්තාවක් සිය පෙම්වතා සහ ඔහුගේ හොඳම මිතුරා සමඟ එකම දිනකදී විවාහ වීමේ පුවතක් මේ වන විට මුළු ලෝකෙම අවධානය දිනා ගෙන තියෙනවා.
ඒ අනුව 37 හැවිරිදි දුජ්දුවාන් කෙත්සාරෝ (Dujduan Ketsaro) නම් මෙම කාන්තාව විවාහ වී ඇත්තේ ඔස්ට්‍රියානු ජාතිකයන් දෙදෙනෙක් එක්ක.
මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ මනාලයන් දෙදෙනා එකිනෙකාගේ සමීපතම මිතුරන් වීම.
වසර පහක කාලයක් මෙම කාන්තාව සමඟ ජීවත් වූ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු වන රෝමන් (Roman) සහ ඔහුගේ සමීපතම මිතුරා වූ මැකී (Mackey) නම් පොලිස් නිලධාරියා මෙසේ ඇය සමඟ විවාහ ගිවිසගෙන තිබෙනවා.
රෝමන් සමඟ ඇය ජීවත් වන කාලය තුළ මැකී තුළ ද ඇය කෙරෙහි ආදරයක් හටගෙන ඇති අතර, අනතුරුව ඔවුන් තිදෙනාම විවෘතව මේ පිළිබඳව සාකච්ඡා කර මෙම අසාමාන්‍ය තීරණයට එළඹ ඇති බව සඳහන්.
කෙසේ වෙතත් දුජ්දුවාන්ගේ 61 හැවිරිදි මව ද මෙම විවාහයට සිය ආශිර්වාදය ලබා දී ඇති බව සඳහන්.
ඇය පවසන්නේ තම දියණිය වසර ගණනාවක් විඳි පීඩාවන් තමා දුටු බවත්, දැන් ඇය සතුටින් සිටීම තමාට වැදගත් බවත්.
