කිරිපිටි හිඟයට විසඳුමක්..?

central bank milk powder lakshman weerasooriya
By Sewvandhi Sep 29, 2021 11:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඩොලර් හිඟය හේතුවෙන් වරාය තුළ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 (ටොන් 360) ලබන සඳුදා (4 වැනිදා) වන විට නිදහස් ගතහැකි වේ යැයි විශ්වාස කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්‍ෂ්මන් වීරසූරිය මහතා  අද (29) පස්වරුවේ පැවසීය.

වරාය තුළ ගොඩගැසී තිබෙන අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් නිදහස්කරගැනීමට අවශ්‍ය ඩොලර් මිලියන 50 ක් නිදහස් කළ බව රජය නිවේදනය කිරීමත් සමඟ කිරිපිටි ආනයනකරුවන්ගේ බැංකුවලට ද එම ඩොලර් අද ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් බැංකුවලට එසේ ඩොලර් ලැබුණ හොත් සඳුදා වන විට කිරිපිටි තොගය නිෂ්කාශනය කළ හැකි බවට විශ්වාස කරන බවත් ලක්‍ෂ්මන් වීරසූරිය මහතා සඳහන් කළේය.

මහ බැංකුව නිදහස් කළ ඩොලර් බැංකුවලට ලැබෙන ප්‍රමුඛතාව පිළිබඳව නොදන්නා බව සඳහන් කළ ලක්‍ෂ්මන් වීරසූරිය මහතා පැවසුවේ කිරිපිටි කන්ටේනර් 16 ක් නිදහස්කරගැනීමට ඇති බවත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now