කිරිපිටි මිලත් ඉහළට..? ආනයනකරුවන් කියන කතාව..
By Sithumi
කිරිපිටි මිල පසුගිය ඔක්තෝබර් මස සංශෝධනය කරන විට ලෝක වෙළෙඳපොළේ පැවැති මිලට වඩා සියයට 10 කින් පමණ මිල ඉහළ ගොස් තිබීම නිසා ඉදිරියේදී මිල වැඩිවීමක් වියහැකි බවත් දැන් පවතින කිරිපිටි හිඟය තවත් මාසයක් දෙකක් පැවතිය හැකි බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා අද (21) පෙරවරුවේ පැවසීය.
බැංකු හරහා ණයවර ලිපි නිකුත් කිරීමට ඇති අපහසුතාව, නැව්වල ප්‍රමාදය සහ ගුදම් ගාස්තු ඉහළ යෑම වර්තමාන කිරිපිටි හිඟයට ප්‍රධාන හේතුව බව කී අශෝක බණ්ඩාර මහතා කිරිපිටි ආනයනයට ඩොලර් නිදහස් කිරීමට සෘජුව මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලීමක් කළ බව ද සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |