කිරිපිටි කිලෝවක් රු 1,145ක් දක්වා ඉහළට..ගෑස් 1200න් ඉහළට..? නිවේදනයක්.
කිරිපිටි කිලෝවක මිල රු 200කින් වැඩිවෙන බවත් ඒ අනුව කිරිපිටි කිලෝවක වෙළෙඳපොළ මිල රු 1,145ක් දක්වා වැඩිවන බවත් කිරිපිටි ආනයනකරුවන් පවසයි. වැඩසටහනක් සමඟ එක්වෙමින් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික, ලක්ෂ්මන් වීරසූරිය පැවසුවේ ලබන සඳුදා කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා එම මිල ගණන් ඉදිරිපත් කරන බවය.
ඒ අනුව ලබන සතිය වනවිට කිරිපිටි හිඟයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඒ මහතා පැවසීය. කිරිපිටි වරායෙන් නිදහස්කර ගැනීම සඳහා ඩොලර් හිඟයක් තවමත් පවතින බව ඒ මහතා කියා සිටියේය.
ප්‍රශ්නය - කිරිපිටි ටොන් කොච්චරක් ලංකාවට එනවා ඇතිද වසරකට?
"වසරකට ටොන් 80,000ක් විතර ගෙන්වනවා අපි."
ප්‍රශ්නය - කොච්චරක් ද හිරවෙලා තියෙන්නේ වරායේ?
"අපේ නම් කිරිපිටි ටොන් කිලෝ ලක්ෂ 3ක් විතර හිරවෙලා තියෙනවා. අනෙක් සමාගම්වලත් ඇති කොටස් වශයෙන් ගෙනල්ලා."
ප්‍රශ්නය - ඔබතුමන්ලා වෙළෙඳපොළ ට නිකුත් කරාම කිරිපිටි කිලෝවක් විකුණන්ගේ කීයට ද?
"රු 945යි පාරිභෝගිකයා ට යන්නේ. නමුත් අපි දෙන්නේ රු 820කට විතර. අපිට දැන් විකුණන කොට ඍණ අගයක් 30% විතර තියෙන්නේ. උපරිම වශයෙන් පාරිභෝගික අධිකාරියෙන් දෙන්නේ කිරිපිටිවලට සියයට 4යි. හැමදාම අපිට තියෙන්නේ සියයට 2යි 1යි. මේ අවුරුද්දේ බැලුවොත් අති විශාල පාඩුවක්. මේක මාසයකට බැලුවහම රු 350 ගානේ පාඩුව බැලුවොත් එහෙම මිලියන 1,200ක් විතර පාඩුයි මේ සමාගම් ටිකට."
ප්‍රශ්නය - කිරිපිටි හිඟය නැති වෙන්න මොකද්ද කරන්න පුළුවන්?
"හිඟය නැතිවෙන්න නම් කිරිපිටි ආනයනය කරන්න ඕනේ. දැන් අපේ සමාගමට වෙලා තියෙන්නේ, අනෙක් සමාගම්වලට එහෙම තත්ත්වයක් වෙලා තියෙන්නේ, දැන් අර පරණ බිල් ගෙවන කල් ඒ රටවල්වලින් ඇණවුම් ක්‍රියාත්මක වෙන්නේ නෑ. වරායේ තියෙන ටික නිදහස් කර ගන්න අවශ්‍ය ලියකියවිලි ගෙන්න ගන්න ඕනේ ඒ රටවලින් අපි ඒ හිඟ මුදල ගෙවන්න ඕනේ. ඒක ගෙවලා අපේ රට ඇතුළු තියෙන කිරි ටිකයි ඔක්කෝම මිල සංශෝධනයක් ඉල්ලලා තියෙනවා මේ අධික පාඩුවක් නිසා ගෙනියන්න බැරුව. කිරිපිටි පාඩුව මේ ආයතන 5ට එකතුවෙනවා මිලියන 1,100ක් විතර."
ප්‍රශ්නය - කීයක් වැඩිකරන්න ද ඉල්ලුවේ ?
"අපි ඇත්තටම වැඩි කරන්න ඉල්ලූවේ වෙනස විතරයි. ඩොලර් එක රු 186 තිබුණ එක රු 203 වුණා නිල වශයෙන්. නිල නොවන විදියට රු 238 වුණා. මේ වෙනස විතරයි අපි ඉල්ලුවේ රු 350ක්. ඒ වෙනස පාරිභෝගික අධිකාරියෙන්, ජීවන වියදම් කමිටුවෙන් ඒ අය තීරණය කරලා තියෙනවා රු 200ක් පමණක් දෙන්න. ඒක මේ සඳුදා කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා දානවා."
ප්‍රශ්නය - ඒ කියන්නේ කිරිපිටි කිලෝවක් රු 200කින් වැඩිවෙනවා ද?
"ඔව් කිරිපිටි කිලෝවක් රු 200කින් වැඩිවෙයි වෙළෙඳපොළට එනකොට. රු 200ත් අපිට ලාභයක් නෙමෙයි පාඩුවක්. රු 150ක පාඩුවක් වෙනවා. විකුණන මිල 1,145ක් වෙනවා."
මේ අතර,ලිට්‍රෝ ආයතනය පසුගිය මාස 9 තුළ මිල වැඩි නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 10,500ක අලාභයක් ලබා ඇතැයි ලිට්‍රෝ සුරැකිමේ ජාතික එකමුතුව පවසයි. නි වේදනයක් නිකුත් කරමින් එම එකමුතුව සඳහන් කර ඇත්තේ, ආයතනය මුල්‍යමය වශයෙන් දැඩි අසීරු තත්ත්වයකට පත්වී ඇති බවය.
නොවැම්බර් මාසය වන විට භාණ්ඩාගාරයෙන් මුදල් ලබා නොඳුනහොත් ගෑස් ගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදාවෙන බව ද එම එකමුතුව සඳහන් කරයි. ලෝක පොළෙඳ පොළේ ගෑස් මෙ.ටො එකක මිල අද (01) සිට ඇමෙරිකානු ඩොලර් 800ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද එම නිවේදනයේ දැක්වේ.
එය ඍජුව 12.5kg සිලින්ඩරයට පරිවර්තනය කළ විට රු 2,021ක් වුවත් අද ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රු 1,493කට බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව අවධාරණය කරයි. ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක වියදම පමණක් පියවා ගැනීමට අලෙවි කළ යුත්තේ රු 2,800කට බව ද එම එකමුතුව සඳහන් කරයි.
එනිසා අකමැත්තෙන් වුවද මෙම තත්ත්වය යටතේ 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු 1,200කින් ඉහළ නැංවිය යුතු බව ද එම එකමුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |