බිහිසුණු අනතුරක් - ලොරියක් අඩි 25ක ප්රපාතකයට පෙරළෙයි - රියැදුරු සහ සහායකයාට බරපතළ තුවාල
කිරි ප්රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක පමණ ප්රපාතයකට පෙරළීමෙන් එහි ගමන් කළ රියැදුරු සහ රිය සහායකයා බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුරින් තුවාල ලැබූ දෙදෙනා අද (14) දින බගවන්තලාව ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව පවසයි.
අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය සඳහන් කළේ බගවන්තලාව පොලිස් වසමට අයත් කෙටියගල වත්ත මැද කොටස දක්වා ධාවනය වෙමින් තිබූ ලොරි රථය, වංගුවක් සහිත ස්ථානයකදී ඉදිරියට ධාවනය කිරීමට නොහැකිව පසුපසට ගැනීමට උත්සාහ කිරීමේදී මාර්ගයෙන් ඉවතට පැන ප්රපාතයට පෙරළී ඇති බවයි.
එසේම අනතුරින් ලොරි රථයට ද දැඩි අලාභ හානි සිදුව තිබෙන අතර, රියැදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතු වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.