සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වීමේ නියෝගය හදිසියේම කල් යයි - අභියාචනාධිකරණයෙන් නවතම තීන්දුව

By Kanchana Oct 14, 2026 05:50 AM GMT
Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට ලක්කරමින් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ගොනු කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම මේ මස 22 වැනිදා දක්වා කල් තබා ඇත.

මෙම නියෝගය අද (14) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද, අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දී ඇත්තේ එය ලබන 22 වැනිදා ප්‍රකාශයට පත් කරන බවය.

පූජ්‍ය බෙන්ගමුවේ නාලක හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කිහිප නමක්, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ස්වේච්ඡා සංවිධාන විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

එයාර්බස් ගනුදෙනු වංචාව ගැන නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව අධිචෝදනා -CIDයෙන් අධිකරණයට හදිසි දැනුම්දීමක්

එයාර්බස් ගනුදෙනු වංචාව ගැන නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව අධිචෝදනා -CIDයෙන් අධිකරණයට හදිසි දැනුම්දීමක්