මැදපෙරදිග යුද්ධය අස්සේ තෙල් මිල අහස උසට යද්දී ලංකාවේ රජය ගත්ත හදිසි තීරණය මෙන්න
මේ වනවිට මැදපෙරදිග පවතින යුද ගැටුම් හමුවේ සීඝ්‍ර ලෙස ඉහළ යන ඉන්ධන මිල ගණන් අනුව ජනතාවට අවම බර පටවමින් සහනාධාර ලබා දීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කර ඇත
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් මේ වන විට සමස්ත බර ජනතාව මත පැටවීමකින් තොරව ඉන්ධන සඳහා රුපියල් බිලියන 100ක පමණ සහනාධාරයක් මේ වන විටත් රජය භාණ්ඩාගාරය මගින් ලබා දී ඇති බව අමාත්‍යවරයා සදහන් කර තිබේ
එතුමා සදහන් කළේ ඒ අනුව පසුගිය අප්‍රේල් මාසය තුළදී රුපියල් බිලියන 57ක් සහ මෙවර රුපියල් බිලියන 41ක් මහා භාණ්ඩාගාරයෙන් යොමු කර ඇති බවයි
භාණ්ඩාගාරයට දරාගත හැකි උපරිම සීමාවට යමින් ජනතාව වෙනුවෙන් පහසුකම් සැපයීමට රජය කටයුතු කරන බවද එතුමා ප්‍රකාශ කරයි එතුමා වැඩි දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්
"ලෝකයේ බොහෝ රටවල් තෙල් මිල වැඩි කරලා තියෙනවා. එහෙම තිබියදී අපේ රජය බිලියන 41ක් දාලා තෙල් මිල වැඩිවීම ජනතාව මත එලෙසම පටවන්නේ නැතිව පාලනය කරගෙන ඉන්නවා. මේ මිල වැඩිවීමත් එක්ක වේගයෙන් සහ විශාල ලෙස මිල වැඩි කළ යුතුයි. පහුගිය අප්‍රේල් මාසයෙත් අපි ඒ වැඩේ කළේ නෑ. අපි ඒ වෙනුවට බිලියන 57ක කොටසක් ඒ වෙලාවේ රජය දරා ගත්තා. මෙවරත් බිලියන 41ක් දරාගෙන තිබෙනවා. ගතවූ මාස 4-5 ඇතුළතදී රුපියල් බිලියන 100ක් විතර රජය තෙල් මිල එලෙසම ජනතාව මත පටවන්නේ නැතිව දරාගෙන තිබෙනවා. ඒ නිසා රජයක් විදිහට කළ යුතු වෙන්නේ භාණ්ඩාගාරය කළමනාකරණය කරගනිමින් ජනතාවගේ බදු මුදල් මෙවැනි අවස්ථාවක ජනතාව වෙත අවම බර පටවමින් ක්‍රියාත්මක කිරීම ඒක අපි කරනවා. ඒක භාණ්ඩාගාරයට දරාගත හැකි උපරිම සීමාවට අපි ජනතාව වෙනුවෙන් කටයුතු කරනවා."