ශ්රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමක් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී
ශ්රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ ක්රියාවලිය සම්බන්ධයෙන් මහජනතාව සහ රැකියා අපේක්ෂිත උපාධිධාරීන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්ය සාකච්ඡාවක් මේ වන විට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්රයේදී පැවැත්වේ.
අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීන් වන අමාලි එදිරිසූරිය මහත්මිය සහ නදීක ගොඩගෙදාර මහතා විසින් මෙම දැනුවත් කිරීම සිදු කරනු ලබයි.
ගුරු හිඟයට විසඳුම් සහ බඳවාගැනීමේ ක්රමවේදය: දිවයින පුරා රජයේ පාසල්වල පවතින ගුරු ඇබෑර්තු පියවීම සඳහා උපාධිධාරීන් ගුරු සේවයට අනුයුක්ත කරගැනීමේ ඉදිරි පියවර, බඳවාගැනීමේ පරිපාටිය සහ ඊට අදාළ සුදුසුකම් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීමට නියමිතය.
දිවයින පුරා සිටින රැකියා අපේක්ෂිත උපාධිධාරීන් දීර්ඝ කාලයක සිට අපේක්ෂාවෙන් සිටි මෙම බඳවාගැනීමේ ක්රියාවලිය පිළිබඳ සියලු නිල තොරතුරු මෙම මාධ්ය හමුවේදී අනාවරණය කෙරෙනු ඇත.