එයාර්බස් ගනුදෙනු වංචාව ගැන නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසට එරෙහිව අධිචෝදනා -CIDයෙන් අධිකරණයට හදිසි දැනුම්දීමක්

Report

ශ්‍රීලන්කන් ගුවන් සේවයට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අවසන් කර ඇති බැවින්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත

අදාළ නඩුව අද (14) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී ඇත.

ඒ අනුව, නඩුව යළි නොවැම්බර් 18 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා දින නියම කළේය. එදිනට අදාළ සිද්ධියේ සිව්වැනි සැකකරු වන නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරගතව සිටින්නේ නම්, ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට ද නියෝග කර තිබේ.

මෙම නඩුවට අදාළව නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රුපියල් මිලියන 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර සිටින බව ද වාර්තා වේ තවද සිද්ධියේ පළමු සැකකරු වන කපිල චන්ද්‍රසේන මහතා මියගොස් ඇති බවට දැනුම් දී ඇතත්, ඒ සම්බන්ධ මරණ සහතිකය මෙතෙක් විමර්ශන නිලධාරීන් වෙත ලැබී නොමැති බව ද අධිකරණයේදී අනාවරණය වී තිබේ.

  ඒ වගේම දෙවැනි සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි සහ ශාමින්ද්‍ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බවත්, ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ.

නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට

නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග - රතු නිවේදන ලබා ගැනීමටත් වරෙන්තුවක්

බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග - රතු නිවේදන ලබා ගැනීමටත් වරෙන්තුවක්