බන්ධනාගාර ආඥා පනතේ රෙගුලාසි වෙනස් වෙයිද? - කමිටු වාර්තාව අද ජනපතිට

Report

බන්ධනාගාර ආඥා පනත යටතේ සකස් කර ඇති නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාව අද (14) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත භාරදීමට නියමිතව තිබේ.

සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙම කමිටුව පසුගියදා සිය පළමු රැස්වීම පවත්වා ඇති අතර, එහිදී බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ.සී. ගජනායක යන මහත්ම මහත්මීහු එහි සාමාජිකයෝ වෙති.

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කරයි

අනෝජන් සිවරාසාගේ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කරයි

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුම් ඇන්දවීමේ සිද්ධියත් සමඟ ඇති වූ විරෝධතා මධ්‍යයේ මෙම කමිටුව පත් කිරීමට පියවර ගෙන තිබේ.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 8 වැනිදා පැවති සාකච්ඡාවේදී බන්ධනාගාර රෙගුලාසි යාවත්කාලීන කිරීම සඳහා මෙම කමිටුව පත් කිරීමට තීරණය කර ඇත.

නාමල් රාජපක්ෂ නැවත රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ නැවත රිමාන්ඩ්