ලොවම බලා සිටි වතිකානුවේ නව නිවේදනය - පෙනහළු පිළිකා සැත්කමෙන් පසු XIV වන ලියෝ පාප් වහන්සේගෙ තත්ත්වය මෙන්න
By Kaushi
71 හැවිරිදි XIV වන ලියෝ පාප් වහන්සේට දකුණු පෙනහල්ලේ පහළ කොටසේ පෙනහළු ඇඩිනොකාර්සිනෝමා (Lung Adenocarcinoma) නම් පිළිකා තත්ත්වයක් හඳුනාගෙන තිබූ අතර, එම කොටස ඉවත් කිරීමට ඊයේ (13) දින රෝමයේ ජෙමෙලි රෝහලේ (Gemelli Hospital)දී සැත්කම සිදුකර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළා.
ඒ අනුව වතිකානුව නිකුත් කළ වෛද්ය නිවේදනයට අනුව, මිනිත්තු 90ක් පමණ පැවති එම සැත්කම සාර්ථක වී ඇති අතර කිසිදු සංකූලතාවක් ඇති වී නොමැති බව සඳහන්.
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග - රතු නිවේදන ලබා ගැනීමටත් වරෙන්තුවක්
එමෙන්ම වතිකානුව සඳහන් කර ඇත්තේ, “සැත්කම සාර්ථක වූ අතර කිසිදු සංකූලතාවක් ඇති වූයේ නැහැ. සැත්කමෙන් පසු පාප් වහන්සේ සාමාන්ය පරිදි සිහිය ලබාගෙන තිබෙනවා. කෙටි කාලයක් නිරීක්ෂණය කිරීමෙන් පසු උන්වහන්සේ නැවත සිය කාමරයට ගොස් තිබෙනවා” යනුවෙන්.
වතිකානුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ සාමාන්ය වෛද්ය පරීක්ෂණ අතරතුර මෙම පිළිකා තත්ත්වයට අදාළ ගැටිත්ත මුලින්ම හඳුනාගෙන ඇති බවත්, සැත්කමේදී දකුණු පෙනහල්ලේ පහළ කොටස සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් ය.
එසේම XIV වන ලියෝ පාප් වහන්සේ තවත් සතියක පමණ කාලයක් රෝහලේ රැඳී සිටිනු ඇති බවට අපේක්ෂා කරන බවත් විදෙස් මාධ්ය වාර්තා කරයි.