ඔක්කොම කරන්නේ බලශක්ති මිල ඉහළ නැංවීමට.. සෞදි අරාබියට එල්ලවන ප්රහාරවල යටි අරමුණ ට්රම්ප් ලෝකෙටම එළි කරයි
අමෙරිකානු මධ්ය කාලීන මැතිවරණයට පෙර යේමනයේ හූති කැරලිකරුවන් බලශක්ති මිල ඉහළ නැංවීම සඳහා සෞදි අරාබියේ යටිතල පහසුකම්වලට ප්රහාර එල්ල කිරීම වැඩි කරමින් සිටින බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් චෝදනා කරන බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
ඒ අනුව සමාජ මාධ්ය සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, හූතිවරු ඉතා අයහපත් ආකාරයට හැසිරෙන බවයි.
එසේම ඉරානයේ අනුදැනුම මත හූතිවරු නැවත ප්රහාර ආරම්භ කර ඇති බවට සැක පළ කළ ට්රම්ප්, නොවැම්බර් මාසයේ මැතිවරණයෙන් අනතුරුව මැදපෙරදිග කලාපය තුළ අමෙරිකානු හමුදා ප්රහාර තීව්ර කළ හැකි බවට ද නැවත අනතුරු අඟවා ඇත.
කෙසේ වෙතත් ට්රම්ප්ගේ මෙම ප්රකාශය වාර්තා වන්නේ, ඉකුත් පෙබරවාරි මාසයේදී ඊශ්රායලය හා එක්ව ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීමට ඔහු ගත් තීරණය හේතුවෙන් බලශක්ති මිල ඉහළ යාමත් සමඟයි.
මෙම තත්ත්වය අමෙරිකානු ජනතාවගේ ජීවන වියදම සම්බන්ධයෙන් ද ගැටලු මතු කර ඇති බව වාර්තා වේ.