මැදපෙරදිග යුද්ධය අවසන්වන කාලය ගැන දැනුම්දෙයි

Report

ඊශ්‍රායලයේ ප්‍රධාන අරමුණ වන්නේ “ඉරාන පාලනය දැඩි ලෙස දුර්වල කිරීම” බවත්, ඒ අනුව ඉරානයට එරෙහි හමුදා මෙහෙයුම් අවම වශයෙන් තවත් සති තුනක්වත් පැවතිය හැකි බවත් ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් විදෙස් මාධ්‍ය වෙත සඳහන් කළේ, ඉරානය තුළ හඳුනාගත් ඉලක්ක දහස් ගණනක් තවමත් ඉතිරිව ඇති බවයි.

“අපට ඉරානයේ ඉලක්ක දහස් ගණනක් තවමත් තිබෙනවා. ඒ නිසා අවම වශයෙන් තවත් සති තුනක් හෝ ඊටත් වඩා කාලයක් ප්‍රහාර එල්ල විය හැකියි,”

යනුවෙන් ඔහු පැවසීය.

සෞදියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

සෞදියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට ඉරානයෙන් දැවැන්ත මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව අනුව, පෙබරවාරි 28 දින ඉරානයට එරෙහි මෙහෙයුම ආරම්භ වූ දා සිට ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානය තුළ පිහිටි ඉලක්ක දහස් ගණනකට ප්‍රහාර එල්ල කර තිබේ.

තවද, හමුදා මෙහෙයුම් කිසිදු නියමිත කාලසටහනකට අනුව සිදු නොවන බවත්, හඳුනාගත් ඉලක්ක සම්පූර්ණ වන තෙක් ප්‍රහාර දිගටම සිදු කරන බවත් හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

දැඩි ලෙස තුවාල ලැබුවායැයි කියූ ඉරාන උත්තරීතර නායකගේ දැන් තත්ත්වය ගැන දැනුම්දීමක්

දැඩි ලෙස තුවාල ලැබුවායැයි කියූ ඉරාන උත්තරීතර නායකගේ දැන් තත්ත්වය ගැන දැනුම්දීමක්