බිරිඳට හිරිහැර කළ ආරම්භක පිතිකරු අත්අඩංගුවට (PHOTOS)
By Sewvandhi
හිටපු ඔස්ට්‍රේලියානු ආරම්භක ටෙස්ට් පිතිකරුවෙකු වන මයිකල් ස්ලේටර් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඒ ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව චෝදනාව යටතේයි.
51 හැවිරිදි ස්ලේටර් ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව චෝදනාව යටතේ පසුගිය ඔක්තෝබර් මාසයේදී සිඞ්නිහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත් ස්ලේටර් එහිදී ඇප මත මුදා හැරුනු අතර එම ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් ඔහු ඊයේ (15 වැනිදා) නැවතත් පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමේ කොන්දේසිය යටතේ තර්ජනය කිරීම්, හිරිහැර කිරීම් සහ ලූහුබැඳීම් යන ඇප කොන්දේසි කඩ කර ඇති බවට මයිකල් ස්ලේටර් අත්අඩංගුවට ගත් බව නිව් සවුත්වේල්ස් පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
1993 සිට 2001 දක්වා ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කළ මයිකල් ස්ලේටර් එහිදී ටෙස්ට් තරග 74කදී මුළු ලකුණු 5312ක් රැස් කර තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |






