කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් - පහත් බිම්වල ජනතාවට විශේෂ දැනුම් දීමක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද, වයඹ පළාත් මෙන්ම ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම තත්ත්වයට හේතුව වී ඇත්තේ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතයයි. එහි බලපෑම හේතුවෙන්, ඉහත සඳහන් පළාත් හා දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 50-60ක පමණ තද සුළං හමා යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ගලවා ගැනීමේ කණ්ඩායම් හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා සූදානමින් සිටින බවයි. ජනතාවට උපදෙස් දී ඇත්තේ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනවලට සවන් දෙමින්, ආපදා අවදානම් අවම කිරීම සඳහා අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසයි.
මෙම කාලගුණ තත්ත්වය හේතුවෙන් පහත්බිම්වල ඉන්න ජනතාවට ඇතිවිය හැකි අපහසුතා හා ආපදා අවදානම් අවම කිරීම සඳහා අදාළ බලධාරීන්ගේ උපදෙස්වලට අනුගතව කටයුතු කිරීම ඉතා වැදගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.