ගුරු - විදුහල්පතිවරුන්ගෙන් රතු එළි දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් - පාසල් වැහෙයිද?
නව රජය බලයට පත් වූ පසු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබේ.
මෙම ප්‍රතිසංස්කරණයට අනුව පාසල් පැවැත්වන වේලාව දීර්ඝ කිරීමට කටයුතු කිරීම ළමුන් පනහට අඩු පාසල් වසා දැමීමට යෝජනා කිරීම වැනී කරුණු කාරණා රැසක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය සිය තීරණ වෙනස් නොකරන්නේ නම් ලබන වසරේ නව පාසල් ආරම්භයට පෙර සියළු ගුරුවරු ඒකරාශි කරගනිමින් දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ගුරු - විදුහල්පති වෘත්තිය සමිතිය පවසනවා.
ඒ අනුව රජය අවධානය යොමු නොකරන්නේ නම් දැවැන්ත විරෝධතාවයකට සූදානම් වෙමින් සිය ඉල්ලීම් දිනා ගන්නකන් සටන් කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලිං වැඩිදුරටත් පෙන්වා දෙයි.