රටම කැලඹිලා - 29,414 දෙනෙකු පීඩාවට
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කර ඇත්තේ පසුගිය දින කිහිපය තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 18කට බලපෑම් එල්ල වී ඇති බවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පෙන්වා දී ඇත්තේ පවුල් 7395කට අයත් පුද්ගලයින් 29,414 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවයි.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා වාර්තා කර ඇත්තේ දිස්ත්‍රික්ක 11කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇගවීමේ නිවේදනය ද තවදුරටත් දීර්ඝ කර ඇති බවයි.
මේ අතර මේ දක්වා ලැබුණු වර්ෂාව පතනය හේතුවෙන් නිල්වලා ගඟ, ගිං ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඕයේ ජල මට්ටම් ඉහළ මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.