නාය යන තැන් 'හයිය' කරන්න රජයෙන් වැඩක් අරඹයි

Report

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනාගන්නා ලද නායයෑම් අවදානම් ස්ථානවල බෑවුම් ස්ථාවර කිරීමේ ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ පසුගිය වසර 10ක කාලය තුළ සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.

මේ වන විට එවැනි ස්ථාන 250කට ආසන්න සංඛ්‍යාවක් ස්ථාවර කිරීමට පියවර ගෙන ඇති අතර, ඒ සඳහා රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් වැය කර තිබේ. නමුත්, මෙම ස්ථායීකරණ ලද ස්ථානවල දිගුකාලීන ස්ථායිතාව රඳා පවතින්නේ භූගත සහ මතුපිට ජලවහන රටාවන් නිසි ලෙස කළමනාකරණය කිරීම මත ය.

එහිදී, නිසි නඩත්තු කටයුතු සිදු නොකිරීම හේතුවෙන් භූගත හා මතුපිට ජලවහන රටාවන් කළමනාකරණය නොවීම නිසා, ස්ථායීකරණ ලද ස්ථාන නැවත අස්ථාවර තත්ත්වයට පත්වීමේ බරපතළ අවදානමක් පවතී.

රටම කැලඹිලා - 29,414 දෙනෙකු පීඩාවට

රටම කැලඹිලා - 29,414 දෙනෙකු පීඩාවට

  

මෙම ගැටලුවට විසඳුමක් ලෙස, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් "ස්ථායීකරණ ලද නායයෑම් අවදානම් ස්ථාන ප්‍රතිස්ථාපනය හා නඩත්තු කිරීම" යනුවෙන් නම් කරන ලද ව්‍යාපෘතියක් සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය 2026 සිට 2030 දක්වා ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලැබී ඇති අතර, ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

 මෙම ව්‍යාපෘතිය යටතේ, ස්ථායීකරණ ලද නායයෑම් අවදානම් ස්ථානවල ජලවහන රටාවන් කළමනාකරණය කිරීම, බෑවුම්වල ස්ථායිතාව තහවුරු කිරීම සහ ඒවායේ දිගුකාලීන ආරක්ෂාව සහතික කිරීම සඳහා විධිමත් නඩත්තු ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇත.

තාමිල්නාඩු - කන්කසන්තුරේ මගී බෝට්ටු සේවය තාවකාලිකව නවතියි

තාමිල්නාඩු - කන්කසන්තුරේ මගී බෝට්ටු සේවය තාවකාලිකව නවතියි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මේ සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති නමුත්, අදාළ ආයතන විසින් එම මාර්ගෝපදේශ අනුව නිසි ලෙස නඩත්තු කටයුතු සිදු නොකිරීම හේතුවෙන් ඇතැම් ස්ථානවල අස්ථායි තත්ත්වයන් මතුව ඇති බව ද වාර්තා වේ.

මෙම නව ව්‍යාපෘතිය තුළින්, එවැනි අස්ථාවර තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය තාක්ෂණික හා පරිපාලනමය පියවර ගැනීමට බලාපොරොත්තු වේ. මෙය රටේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත්, නායයෑම් හේතුවෙන් ඇතිවිය හැකි ජීවිත හා දේපළ හානි අවම කිරීමටත්, රජයේ මුදල් ආයෝජනය කරන ලද යටිතල පහසුකම්වල ඵලදායිතාව තිරසාර ලෙස පවත්වා ගැනීමටත් ඉවහල් වනු ඇත.

එබැවින්, මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය සඳහා අදාළ රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන සහ පෞද්ගලික අංශයේ සහයෝගිතාව අත්‍යවශ්‍ය වන අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මඟපෙන්වීම යටතේ මෙම කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත. 

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න

අම්මෝ අද රන්මිල හොදටම බැහැලා අලුත්ම මිල මෙන්න