ඉදිරි පැය 24 තුළ හදිසි ගං වතුර තත්ත්වයක් - විශේෂ අනතුරු ඇගවීමක්
නිල්වලා ගඟ ද්රෝණියේ ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
නිල්වලා ගඟේ ඉහළ සහ මධ්යම ධාරා ප්රදේශවලට ලැබුණු සැලකිය යුතු වර්ෂාපතනය සහ ගංගා ජල මාපකවල ජල මට්ටම් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇත.
[SBKVLSM
මෙම අනතුරු ඇඟවීම 2026 ඔක්තෝබර් 16 වනදා පස්වරු 6.00 දක්වා බලපැවැත්වේ. ඒ අනුව අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල නිල්වලා ගඟේ පිටාර තැන්නට අයත් පහත් බිම් ප්රදේශ සඳහා මෙම ගංවතුර අවදානම පවතී.
අදාළ ප්රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම ප්රදේශ හරහා ගමන් ගන්නා රියැදුරන් ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටින වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මේ සම්බන්ධයෙන් අවශ්ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ වෙත ද දැනුම් දී තිබේ.