මහ සඟරුවන සමග සාකච්ඡාවට ජනපති ලේකම් එක්වෙයි - ඥානසාර හිමි වහාම නිදහස් කරනයැයි දැඩි ඉල්ලීමක්

Report

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේලා හමු වී සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පියවර ගෙන තිබේ.

එහිදී මහා සංඝරත්නය පෙන්වා දී ඇත්තේ, ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාවේ පවතින බව කියන තාක්ෂණික දෝෂය නිවැරදි කර දෙන ලෙසයි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

එමෙන්ම ඒ සඳහා කොපමණ කාලයක් ගතවන්නේදැයි ප්‍රකාශ කරන ලෙසද උන්වහන්සේලා ඉල්ලා සිටියහ.

ඊට පිළිතුරු ලබාදෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ, මේ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබා දිය නොහැකි බවයි.

මේ රටවල් සඳහා ගුවන් ගමන් තහනමක් - එයාර්ලයින්ස් සැර වෙයි

මේ රටවල් සඳහා ගුවන් ගමන් තහනමක් - එයාර්ලයින්ස් සැර වෙයි