ඔයා හිටියනම් මාව කොහොමහරි හොඳ කරනවා - වසන්ත ගැන සංවේදී වූ මැණික් [PHOTOS]

By Mithu Jul 19, 2025 01:11 PM GMT
Report

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නැමැති ව්‍යාපාරිකයා පසුගිය වසරේ අතුරුගිරිය ප්‍රදේශයේ ටැටු ආයතනයක් විවෘත කිරීමට යාමේදී දරුණු ලෙස වෙඩි ප්‍රහාරයට ලක් වී ජීවතුන් අතරින් සමුගත් අතර මෙම සිදුවීමෙන් ඔහුගේ ආදරණීය බිරිඳ වන මැණික් දරුණු ලෙස තුවාල ලබා අදටත් ප්‍රතිකාර ලබයි.

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

විශේෂ නිවේදනයක් - ලබන 29 සිට පාසල් වැසේ

ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගායිකාවක් වන කේ සුජීවාද තුවාල ලැබූ පුද්ගලයන් අතර සිටි අතර ඇයගේ ආදරණිය සැමියාද ජීවතුන් අතරින් සමුගත්තා. කීප දෙනෙකුට දෙවි අහිමි කර කීප දෙනෙක් රෝගාතුර කර මෙම දරුණු ප්‍රහාරය හමුවේ අදටත් සුරේන්ද්‍රගේ ආදරණීය බිරිඳ මැණික් වද වේදනා විඳිනවා.

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

දුෂ්කර පාසලක ගුරුවරයෙක්ට මුතුගල සර් කරපු වැඩේ මෙන්න පැටිකිරිය

ඇය මේ වන විට සුරේන්ද්‍රගේ පවුලේ දරුවන්ගෙන් මවගෙන් වෙන්වෙලා ඇයගේ පවුලේ සියලු දෙනා සමග ජීවත් වෙනවා. පසුගිය කාලය සුරේන්ද්‍ර පෙරේරාගේ පින්කම් වෙනුවෙන් වත් ඇයට එම නිවසට ආරාධනා ලැබුණේ නැත.ඒ වගේම සුරේන්ද්‍රගේ පුතාගේ විවාහ මංගල්‍යයක් පසුගියදා පැවැත් වූ අතර ඇයට ඒ සඳහා ආරාධනාවක්වත් ලැබී නැති බව සදහන් වේ. මෙවැනි වද වේදනා හමුවේ ඇය මුහුණු පොතට තමන්ගේ ආදරණීය සැමියා සිහිපත් කරමින් සංවේදී සටහනක් මුහුණු පොතට එකතු කර තිබුණේ පහත ආකාරයටයි.

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

ජපන්, කොරියා, ඊශ්‍රායල් ‍රැකියා රැසක් අරන් විදේශ සේවා කාර්යාලය මාතරට

"ඔයා අද ජිවත් වුනා නම් මේ ලෝකේ කෙලවරටම ගිහින් හරි මාව සුව කරලා ඉවරයි🥲 විශ්වයේ ඉන්න ව්ශ්මජනකම වෛද්‍යවරයාම හොයයි👍ඔයාගේන් ලැබුන ගෞවරනිය ආදරය වගේමයි ඔයාගේ මිනිසත්බව, ඒක නිම කරන්න අකුරු මදි. ඔයාගෙන් මතුවට ඔයා වන් කෙනෙක් නැ👌 ඉර හද වගේ සත්‍යක්💯🥲 ඔයට නිවනේ දොරටු වැඩි ඇතක නොවේවා🙏🏻 මගෙ පන තියෙන තුරු හැකි උපරිමෙන් පින් දහම් අනුමෝදන් කරන්නම්🙏🏻 කෙලෙහි ගුණ දක්වනවා කියන්නේ ඒකටයි"

GalleryGalleryGalleryGalleryGalleryGallery