පෙර මැතිවරණවල වියදම් වාර්තා දීලා නෑ - අපේක්ෂකයන් 2000කට නඩු
ඉකුත් මැතිවරණවලදී වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයන් දෙදහසකට පමණ විරුද්ධව නඩු පවරා ඇති බව පොලිසිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව ඉකුත් ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් 13ක් සහ ඉකුත් මහ මැතිවරණයට ඉදිරිපත් වූ 1900 ක් ද පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ පිරිසක් ද ඊට ඇතුළත් වන බව මැතිවරණ කොමිසමේ සභාපති ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කරයි.
මේ අතර පොලීසිය සඳහන් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණයේ වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන්ට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවයි.
කෙසේ වෙතත් මැතිවරණ වියදම් නියාමන පනත අනුව සියලුම අපේක්ෂකයන් වියදම් වාර්තා ලබාදීම අනිවාර්ය බව සඳහන්.