ධීවරයන් හයක් සමග කේෂාන් පුතා අතුරුදහන්
ගන්දර පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව, දෙවිනුවර පුරාණ වැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය “කේෂාන් පුතා” බහු දින යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් හය දෙනෙකු මහ මුහුද මැදදී අතුරුදන් වී ඇති බව පවුල් සාමාජිකයින් පවසති.
මෙම යාත්‍රාව ඉකුත් අගෝස්තු 31 වැනිදා මුහුදු ගිය අතර, අගෝස්තු 15 වැනිදා සිට ගොඩබිම සහ අනෙකුත් ධීවර යාත්‍රා සමඟ සියලු සංනිවේදන සම්බන්ධතා බිඳ වැටී තිබේ.
පවුල් සාමාජිකයින් සඳහන් කළේ, යාත්‍රාව තවත් බෝට්ටු දෙකක් සමඟ ගොඩබිම දෙසට යද්දී සැඩ සුලං ප්‍රවාහයකට හසුවී, එෙන් පසුව යාත්‍රාව සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි.
ඒ අනුව, පවුල් සාමාජිකයින් යාත්‍රාවට සහ ධීවරයින්ට සිදු වූයේ කුමක්ද යන්න සොයා බලන්න සහ ඔවුන්ට අනතුරක් සිදු වී ඇත්නම් බේරා ගැනීමට රජයේ අදාල බලධාරීන්ගෙන් ඉල්ලීම් කර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව ධීවර අමාත්‍යංශය සහ නාවික හමුදා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවමින් සිටින බවද වාර්තා වේ.