ශ්‍රී ලංකාවේ පළමු වරට මේඝ සූරියආරච්චි Mister World අවසන් වටයට ආ හැටි. - People’s Choice අංශයත් ජය ගනී. - (VIDEO)
11 වන Mister World තරගය පෙරේදා වියට්නාමයේ පැවැත්වුනේ රටවල් 60ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මේඝ සූරියආරච්චි ට අවසන් 10 අතරට පිවිසීමට හැකියාව ලැබුණි.
ඒ People’s Choice අංශය ජය ගැනීමෙනි. මීට අමතරව ඔහු Best National Costume People’s Choice තරග වටයද ජය ගනු ලැබුවා.
1998 වසරේ සිට Mister World කිරුළ වෙනුවෙන් තරග කල ශ්‍රී ලංකාව මේ දක්වා ලැබූ පළමු ජයග්‍රහණය වන්නේද මෙයයි. ඒ අනූව Mister World අවසන් වටය නියෝජනය කළ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද මේඝ යි.
කොළඹ ඩී. එස්. සේනානයක විදුහලේ හා කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු ඔහු නළුවෙක් හා සිනමා අධ්‍යක්ෂකවරයෙක් ද වන ඔහු මේ දිනවල තිරගත වන මන්දාරා සිනමා පටයේ ප්‍රධාන නළුවා වනවා.
දේවි කුසුමාසන, කලර් පෙන්සිල්, සූරිය සුළග ඔහුගේ තිරගත වීමට නියමිත සිනමාපට කිහිපයකි. එමෙන්ම ” Marine Drive ” සිනමාපටයේ නිර්මාණකරුවා වන්නේද මොහුයි.