රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති අතර හමුවක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං මහතා අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී සිදුවිය.
චීන තානාපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වයන් පිළිබඳව ඔවුන් සාකච්ඡා කළහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද කොළඹ නිවසින් පිටත්ව යෑමට පෙර චීන තානාපතිවරයා සමඟ මෙවැනි සාකච්ඡාවක් පවත්වා තිබේ.