මුදලට ගන්න බැරි වූ ළදරුවෙක් පැහැරගත් කාන්තාවක් ඇතුළු 4ක් අල්ලයි. පැහැරගත් හේතුව මෙන්න.
ඊයේ (02) රාත්‍රියේ යාචක කාන්තාවකගේ මාස එකහමාරක් වයසැති දරුවා පැහැරගත් බව කියන කාන්තාව වනාතවිල්ලුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම දරුවා පිරිමි දරුවෙක් වන අතර දරුවා පැහැරගැනීමට ආධාර අනුබල දුන් බව කියන ත්‍රිරෝද රථ රියදුරෙකු, බ්‍රෝකර්වරයෙකු ඇතුළු පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි බම්බලපිටිය පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ සැමියා විදේශගතව සිටින අතර ඇය දරු ප්‍රසූතියක් සඳහා කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසක රැඳී සිටියදී දරු ගැබට මාස හතක් තිබියදී දරුවා මියගොස් තිබෙනවා.
ඉන් අනතුරුව කෙසේ හෝ දරුවකු සොයා නැවතත් ගමට යාමේ අධිෂ්ඨානයෙන් කල්ගෙවා ඇති අතර දරුවකු මිලදීගැනීමට ලක්ෂ තුනක මුදලක් ඇය සතුව තිබී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ, අනුව ඇය දෙමටගොඩ ප්‍රදේශයේ දන්නා හඳුනන පුද්ගලයකුට දරුවකු සොයාදෙන ලෙස කාන්තාව පවසා තිබූ අතර එම පුද්ගලයා මෙම කාන්තාව සමඟ දෙමටගොඩ, බොරැල්ල, බම්බලපිටිය ආදී ප්‍රදේශවල දරුවෙකු සොයා දින කිහිපයක් ඇවිදිමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේ සපත්තු මසන පුද්ගලයකු ලබාදුන් තොරතුරක් අනුව යාචක කාන්තාව මුණගැසී තිබෙනවා.
පසුව ඇය අත දරා සිටි මාස එක හමාරක් වයසැති පිරිමි දරුවා මුදලට ඉල්ලා ඇති අතර එයට කැමැත්ත පළකළ යාචක කාන්තාවට ප්‍රධාන සැකකාර කාන්තාව රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී ඇති අතර බ්‍රොකර්ට රුපියල් 50,000කුත් ත්‍රීරෝද රථ රියදුරුට රුපියල් 25,000ක් සහ අනෙක් පුද්ගලයන් දෙදෙනාට ද රුපියල් 25,000 බැගින් දී තිබූ බව පොලීසිය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් දරුවාව අදාළ කාන්තාවට ලබාදීම වෙනුවෙන් යාචක කාන්තාව රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත්තත් පසුව දරුවා ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති අතර කොම්පඤ්ඤවීදිය රථ ගාලකදී දරුවා යාචක කාන්තාව අතින් උදුරාගෙන කුලී මෝටර් රථයක නැගී වනාතවිල්ලුවට රැගෙන ගොස් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
තම දරුවා පැහැරගත් බවට යාචක කාන්තාව කරන ලද පැමිණිල්ලක් අනුව CCTV දර්ශන අනුව සිදුකළ පරීක්ෂාවේදී ත්‍රිරෝද රථයක ලියාපදිංචි අංක ඔස්සේ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වූ අතර පැමිණිලිකාර යාචක කාන්තාව සහ ඇයගේ සැමියා තදින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන්ය.
අත්අඩංගුවට ගත් 53 හැවිරිදි ප්‍රධාන සැකකාරිය ඇතුළු සැකකරුවන් සියලුදෙනා සහ යාචක කාන්තාව ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |