මව්ආර ජලාශයේ වාන් දොරටු විවෘත කරයි - වලවේ ගඟ ආශ්‍රිත ජනතාවට දැනුම්දීමක්
By Malith Madushan
වලවේ ගංගා ද්‍රෝණියේ පිහිටි මව් ආර ජලාශයේ වාන් දොරටු විවෘත කර තිබේ. ඒ හේතුවෙන් මේ වන විට තත්පරයකට ඝන අඩි 1,500කට අධික ජල ප්‍රමාණයක් මව් ආර වෙත මුදාහරිමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම තත්ත්වය හමුවේ වලවේ ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාව ගඟේ ජල මට්ටම්වල සිදුවන වෙනස්වීම් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
විශේෂයෙන්ම වාන් දමන ජලාශවල පහළ ප්‍රදේශවල පදිංචි ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආපදා කළමනාකරණ අංශය මගින් නිකුත් කරන නිවේදන හා උපදෙස් අනුව කටයුතු කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල කළමනාකරණ) අවධාරණය කර තිබේ.