බුද්ධි අංශයෙන් වැටලීමක් - මහා පරිමාණ කංසා වගාවක්

Report

යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් මහා පරිමාණ කංසා වගාවක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ බුද්ධි ඒකකයේ සම්බන්ධීකරණයෙන් දෙසැම්බර් 26 වන දින හල්දුම්මුල්ල ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කරන ලදී.

අලුත්වෙල රක්ෂිත වනාන්තරයේ සහ උණකන්ද රක්ෂිත වනාන්තරයේ සිදු කරන ලද සෝදිසි කිරීම්වලින් ආසන්න වශයෙන් අක්කර හයක භූමි ප්‍රමාණයක වගා කරන ලද කංසා පැල 320,000 කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

ලබන 29 රටටම වෙන්න යන දේ - අනතුරු නිවේදන මෙන්න

අත්අඩංගුවට ගත් කංසා පැලවල වටිනාකම රුපියල් මිලියන 80 කට ආසන්න බව ගණන් බලා ඇති බව පොලිසිය පැවසීය. බණ්ඩාරවෙල කොට්ඨාශ බුද්ධි අංශය විසින් වැඩිදුර නීතිමය කටයුතු සිදු කරනු ලබන බව පොලිසිය පැවසීය.

[5WT18GK