නගරාධිපතිවරයකු රැවටූ බවට සජබ නායකයින්ටත් දැඩි චෝදනාවක්..!
බේරුවල නගරාධිපති මසායි මොහොමඩ් මහතා සඳහන් කරන්නේ, සමගි ජනබලවේගයේ නායකයින් තමාව රැවටීමට ලක් කළ බවයි.
ඔහු පෙන්වාදෙන්නේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා බේරුවල නගර සභාවට සමගි ජන බලවේගයෙන් තරග වැදීමට ආරාධනා කළ ද නාමයෝජනා භාරදීමේදී තම නම ඉන් ඉවත් කර ඇති බවය.
සමගි ජන බලවේගයේ නායකයින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක නොවීම බරපතළ ගැටලුවක් බව බේරුවල නගරාධිපති මසායි මොහොමඩ් මහතා සඳහන් කළේය.
"අවසාන දිනයේ උදේ 8.30 තමා මෙයාලා ඇවිත් භාරදුන්නේ මගේ නම නැතුව. ඒක තමා මේ අය කරපු වැඩේ. නායකතුමා මගෙත් එක්ක ඉඳලා ෆොටෝ එකක් ගත්තා. එදා පොරොන්දු වුණා අපි ඔක්කෝම එකතුවෙලා සජබය දිනවමු කියලා. මේ පොරොන්දුව එයාලා කඩ කළා. මගේ විශ්වාසයට ද්‍රෝහිකමක් මට කළා. ඒවා තුළින් ජනතාව දැන් සම්පූර්ණයෙන්ම කෝපවෙලා ඉන්නේ. ජනබලයත් එක්ක තමා අපි නායකතුමා හම්බෙන්න ගියේ.
නමුත් මෙතෙන සමගිය ඇති කරන්න ඕන කට්ටිය අසමගියක් ඇති කරලා තියෙනවා. අද ජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරලා තියෙනවා සමගි ජන බලවේගය බේරුවල ආසනය. මෙහෙම ගිහින් කොහොමද ලංකාව ගොඩ ගන්නේ. නායකතුමාගේ නායකත්වය එතැන පෙන්නුම් කළේ නෑ. මේ වගේ ශක්තිමත් නොවන නායකයෙක් රට කොහොමද පාලනය කරන්නේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
