මරියා ට්‍රිපොඩි තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

Italy Economy of Sri Lanka Latest Headlines Sinhala news NPP Government
By Shehan Sep 02, 2025 06:34 AM GMT
Shehan

Shehan

Report

ඉතාලියේ විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි හෙට (03) නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යංශය නිවේදනය කරයි.

හෙට සිට ලබන 05 වැනිදා දක්වා මෙරට රැඳී සිටින නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර සමඟ එක්ව ශ්‍රී ලංකා - ඉතාලි දේශපාලන උපදේශන සැසියේ සම-සභාපතිත්වය දරනු ඇත.

බැකෝ සමන් තැඹිලි ලහිරුත් එක්ක පොලීසියට වමාරපුවා හොයන් යද්දි ගෝල බාලයෝ පවුල් පිටින් පැනලා

බැකෝ සමන් තැඹිලි ලහිරුත් එක්ක පොලීසියට වමාරපුවා හොයන් යද්දි ගෝල බාලයෝ පවුල් පිටින් පැනලා

මෙම සංචාරය දශකයකට ආසන්න කාලයකට පසු ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට සිදුවන ඉහළම මට්ටමේ නිල සංචාරයක් ලෙස සැලකේ.

සංචාරය අතරතුර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර, එමඟින් දෙරට අතර සංවාදයට ව්‍යුහගත රාමුවක් ලබාදෙනු ඇත.

නියෝජ්‍ය අමාත්‍ය ට්‍රිපොඩි සිය සංචාරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංකාරක අමාත්‍ය විජිත හේරත් සමඟ සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇත. 

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්

2025 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් කරන දවස ගැන විශේෂ නිවේදනයක්