ඊශ්‍රායල ප්‍රහාරවලින් මාධ්‍යවේදීන් රැසක් ජිවිතක්ෂයට...
Israel
Death
World
Gaza
By Parami Dissanayake
මේ දක්වා ගාසා තීරයට එල්ල වී ඇති ඊශ්‍රායල ප්‍රහාර වලින් මාධ්‍යවේදීන් 148 දෙනෙකු මියගොස් ඇති බවට එරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය බලධාරීන් විසින් සිදුකළ ගණනයක දී මෙම දත්ත හෙළිදරව් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අතර, විදෙස් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු ද වන බව සඳහන් වේ.
එමෙන් ම, විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ , ගාසා තීරය තුළ වහාම සටන් විරාමයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් වී ඇති යෝජනාවන් නොතකා ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව ය.
