මෙරට ශ්‍රම බලකායේ ලක්ෂ 05ක් පාරට ඇද වැටෙයි. - හේතුව මෙන්න.

Sri Lanka Economic Crisis Sri Lanka Economy of Sri Lanka
By Wayomi Oct 21, 2023 07:02 AM GMT
Wayomi

Wayomi

Report

මෙරට පන්ලක්ෂ තිස් තුන් දහස් අටසිය පනස් අටකට ( 5,33,858) ගිය වසරේදී රැකියා අහිමිවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා ඇතුළු විවිධ තොරතුරු වාර්තාවල දැක්වෙනවා.

ඒ, විවිධ කර්මාන්ත ශාලා සහ සේවා ස්ථාන දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාම හේතුවෙන් බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසන්නේ.

මෙසේ රැකියා අහිමි වූ පිරිසට කර්මාන්ත අංශයේ තුන්ලක්ෂ අනූ හය දහස් එකසිය පනස් නව දෙනෙක්ද සේවා අංශයේ එක් ලක්ෂ තිස් හත්දාස් හයසිය අනූ නව දෙනෙක්ද ඇතුළත්.

එමෙන්ම පසුගිය වසරේදී පුද්ගලයන්ගේ වැඩ කරන පැය ගණනද සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර පළමු කාර්තුව තුළ සේවා නියුක්ත පිරිසෙන් සියයට 66.1 ක් පැය 40 හෝ ඊට වඩා වැඩි පැය ගණනක් වැඩ කර ඇති නමුත් එම වර්ෂයේ හතරවැනි කාර්තුවේදී පැය 40 හා ඊට වඩා වැඩියෙන් වැඩ කළ ප්‍රමාණය සියයට 61.7 ක් දක්වා අඩුවී තිබෙනවා.

මෙලෙස කම්හල් බොහොමයක් වැසී ගොස් ඇත්තේ අමුද්‍රව්‍යවල අධික මිල, විදුලි ගාස්තු සහ ඉන්ධන මිල ඉහළ යෑම යනාදී හේතු නිසා බවයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ. 

ReeCha