සුළු මොහොතකට පෙර මනුෂ නානායක්කාර FCIDයට

Report

මීට සුළු මොහොතකට පෙර හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ඇත.

මෙලෙස හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැදවීමට හේතුව වී ඇත්තේ පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බව සඳහන් කරමින් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.

එමෙන්ම අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ ඉල්ලීම කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ නිෂ්ප්‍රභ කර ඇත.

ඉෂාරා සෙව්වන්දි එක්ක එන්න STF ලොක්කෝ දෙන්නෙක් යයි

ඉෂාරා සෙව්වන්දි එක්ක එන්න STF ලොක්කෝ දෙන්නෙක් යයි

ගල්කිස්සේ නීතීඥ වන්නිනායක අභියාචනාධිකරණයට යයි

ගල්කිස්සේ නීතීඥ වන්නිනායක අභියාචනාධිකරණයට යයි