කොන්දේසි 07කට යටත්ව අග්‍රාමාත්‍යවරයාට සහය පල කිරීමට ආ ප්‍රබලයින්?..

Report

රටම අසීරුවට පත්ව ඇති අවස්ථාවේ,රටේ ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරිපත් වන ඕනෑ ම නායකයෙකුට ගෞරවයෙන් යුතුව තම සහයෝගය ලබා දීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර ප්‍රකාශ කර සිටියි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට කඩිනමින් දඬුවම් ලබා දීමත්,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සිරභාරයෙන් නිදහස් කිරීමත්,ඉකුත් 09 දා ගෝඨාගෝ ගමට පහර දීමේ සිද්ධියට අදාළ සැකකරුවන් වෙත නීතිය ක්‍රියාත්මක කිරීමත්,රට ගොඩ නැගීමේ ජාතික වැඩපිළිවෙලක් සැකසීමත් සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත් ඇතුළු කොන්දේසි 7කට අග්‍රාමාත්‍යවරයා එකඟ වන්නේ නම් සිය සහයෝගය ලබා දීමට සූදානම් බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join