සහල් අපනයනය සීමා කිරීමට සැරසෙයි

India
By Sewvandhi Jul 13, 2023 02:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, සහල් අපනයනය කිරීම සීමා කිරීමට ඉන්දීය රජය සලකා බලමින් සිටින බවයි.

බලධාරීන් මෙම පියවර ගැනීමට සූදානම් වන්නේ, ඒ ඉහළ යන දේශීය භාණ්ඩ මිල ගණන් හේතුවෙන් සහ උද්ධමනය වැඩි වීමේ අවදානම වළක්වා ගැනීමට සිදු කරන පියවරක් ලෙසයි.

 එම වාර්තා පැවසුවේ, මේ අනුව බාස්මතී නොවන සියලුම සහල් අපනයනය තහනම් කිරීමේ සැලැස්මක් පිළිබඳව අවදානය යොමු කර ඇති බවයි.

මෙම තහනමක් ක්‍රියාත්මක වුවහොත් ඉන්දියාවේ සහල් අපනයනයෙන් 80%කට පමණ බලපෑම් එල්ල වනවා. එමෙන්ම ඉන්දියාව රටවල් 100 කට වැඩි ගණනකට සහල් අපනයනය සිදු කරන බව සඳහන්.