සැප්තැම්බර් වලින් පසුව හාල් නැත්තටම නැතිවෙයිද..? නවතම තත්වය..

By Sithumi May 23, 2022 01:45 PM GMT
Sithumi

Sithumi

Report

රටෙි පවතින සහල් සංචිතය ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මැද දක්වා පමණක් බව අග්‍රාමාත්‍යවරයා පත් කළ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා පිළිබඳ සොයාබැලීමේ කමිටුවේ දී අද (23) අනාවරණය විය. 

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම කමිටුව රැස් විය. ලංකාවෙි මාසික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් බවත් සැප්තැම්බර් මැද වන විට දැනට පවතින සහල් තොගය අවසන් වන බවත් එම කමිටුවේ දී ප්‍රකාශයට පත් කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ ආහාර හිඟවීමේ අර්බුදයට මුහුණදීම සඳහා විද්‍යාත්මක හා සැලසුම් සහගත වගා සංග්‍රාමයක් ආරම්භ කළ යුතු බවයි. ආහාර භෝග ,පශු සම්පත් අපනයන භෝග, පොහොර, බීජ සහ ඉන්ධන ගැටලු පිළිබඳව එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඒවාට මුහුණදීම සඳහා ගත යුතු කෙටිකාලීන හා දිර්ඝ කාලීන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අගමැතිවරයා කෘෂිකර්ම අමාත්‍යංශය ඇතුළු ඊට අනුබද්ධ ආයතන වල නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ඊලඟ කන්නයේ අස්වනු නෙලීමට හැකිවන්නේ පෙබරවාරි මාසයේ නිසා එතෙක් ඇති විය අහාර හිඟයට කඩිනම් විසඳුම් සෙවිය යුතු බව කී අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන් නාගරික ප්‍රදේශ වලට ආහාර සැපයීම පිලිබඳ අවධානය යොමු කළ යුතු බව සඳහන් කළේය.

එ් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා වරාය හා නාවික කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරිණි. බස්නාහිර හා දකුණු පලාත්වල වගා සංග්‍රාමය හා අහාර සැපයීමෙිසඳහා කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන, විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සහ එජාප සභාපති වජිර අබේවර්ධන මහත්වරුන් සහ කොළඹ පුරපතිනී රොසි සේනානායක මහත්මිය ඇතුළත් කමිටුවක් පත් කෙරිණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now