මගංල උත්සවය අවමගුලක් වූ මාරක අනතුර..එක් අයෙක් මරුට..05කට බරපතලයි..
මන්නාරම ප්‍රධාන පාලම මතදී ත්‍රී රෝද රථයක් සහ ජිප් රථයක් ගැටීමෙන් එක්අයෙකු මිය ගොස් තවත් 05 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
මන්නාරම පොලීසිය පවසන්නේ, වව්නියාවේ සිට මන්නාරමට ධාවනය වූ ත්‍රී රෝද රථයක් සහ මන්නාරම සිට තල්ලඩි දෙසට ධාවනය වූ මහෙන්ද්‍රා වර්ගයේ ජිප් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතිබවයි.
මන්නාරමේ පැවති මංගල උත්සවයක් සඳහා එකම පවුලේ 5 දෙනෙකු මෙලෙස ත්‍රී රෝදරථයකින් පැමිණ ඇති අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර එහිදී ත්‍රී රෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ මව පියා සහ අවුරුදු 4,6,9 යනවයස්වල ඔවුන්ගේ දරුවන් තිදෙනාද මන්නාරම රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජිප් රථයේ රියදුරුගේ අධික වේගය මෙම අනතුරුට හේතුව බව සැකපල කරන අතර අනතුර සමබන්ධයෙන් මන්නාරම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |