ජනප්‍රිය නිළි මංජුලා ගේ මැණික් ගලට විදින්න ගිය සහාය නළුවා මාට්ටු වෙයි..(PHOTOS)
ජනප්‍රිය නිළි මංජුලා කුමාරිගේ පතලේ නිල් මැණිකට විද්ද හොර SSP පොලිස් දැලේ සීමා නිර්ණය කොමිසමට යෝජනා දීමට තිබූ කාලය දිගුවෙයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් නිල් මැණික් ගලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු පෙරේදා (22) අත්අඩංගුවට ගැනීමට ලග්ගල පොලිසිය සමත්ව තිබෙනවා.
ජනප්‍රිය රංගන ශිල්පිනී මංජුලා කුමාරි සහ ලග්ගල ප්‍රදේශයේ කාන්තාවක් හවුලේ පවත්වාගෙන ගිය පතලකින් හමුවූ මැණික් ගලක් අදාළ පුද්ගලයා විසින් මෙලෙස වංචාකර ඇති බවයි ලග්ගල පොලිසිය පැවසුවේ.
සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී වංචා කළ බව කියන නිල් මැණික් ගලක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
සැකකරු වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු සහාය නළුවෙකු ලෙස ටෙලිනාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වූ අයෙක් බවට ද හඳුනාගෙන ඇත.
ලග්ගල ප්‍රදේශයේ කාන්තාවක් සමඟ ජනප්‍රිය නිළියක වන මංජුලා කුමාරි පතල් කැණීම් සඳහා ගිවිසුම් අත්සන්කොට ඇති අතර, එහිදී පතල බලාගැනීම සඳහා නිළියගේ නියෝජිතයා ලෙස මෙම පුද්ගලයා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
එලෙස පත්කළ මෙම පුද්ගලයා තමන් වවුනියාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා බව ප්‍රදේශයේ පුද්ගලයින්ට පවසමින් වංචනික ලෙස හැසිරී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.
කෙසේ වෙතත් පතල පවත්වාගෙන යාමට නිළිය සමඟ ගිවිසුම් ගතව සිටි අනෙක් කාන්තාව පොලිසියට පවසා ඇත්තේ සැකකරු පතලෙන් ලැබුණු නිල් මැණික් ගලක් වංචා සහගතව රැගෙන යෑමට උත්සාහ කරන බවයි.
ඒ, අනුව ක්‍රියාත්මක වූ ලග්ගල පොලිසියේ නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ඊයේ (23) දිනයේ දී නාඋල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
සැකකාර පුද්ගලයා නිළියගේ සැමියා සමඟ ඇති හිතවත්කමක් මත මෙම පතල බලාගැනීම සඳහා යොදවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
![Gallery](https://cdn.ibcstack.com/article/6bde728b-d244-45d4-93c6-f1de482e344f/22-637f0edd791ed.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/8bbcbe86-c33a-4f75-8a11-774464566dd0/22-637f0ede38de4.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/8cd55eb5-e664-42b4-b034-e4d64e541241/22-637f0ede7f81f.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)