තවත් ප්‍රබල හිටපු අමාත්‍යවරයෙකුට කොරෝනා

By Sewvandhi Aug 13, 2021 12:41 PM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු අමාත්‍යවරයෙකු වන මංගල සමරවීරට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඊයේ සිදු කළ PCRපරීක්ෂණයකින් අනතුරුවයි ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිවී ඇත්තේ.

මේවන විට මංගල සමරවීර මහතා රෝහල්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවනවා. තමාට වෛරසය ආසාදනය වීම හේතුවෙන් තමන් හමුවීමට පැමිණි අයට නිරෝධායනය වන ලෙසටයි ඔහු දැනුම්දී ඇත්තේ.

මේවන විට හිටපු ඇමතිවරයාගේ නිවසේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට ලක්ව සිටිනවා.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. ආසන්න දිනවල තමන් හා සමීපව කටයුතු කළ අයට අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියා මාර්ග වලට යොමු වන ලෙස ලෙස ඔහු ඉල්ලා සිටියි.

ප්‍රසන්න රණවීර මහතා එය්බසන් මාත්‍රා දෙකම ලබාගෙන සිටින පුද්ගලයෙකි.

ඒ මහතා තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

මාගේ හිතවතුන් ඇතුළු සැම වෙත ආදරයෙන් කරන සිහිපත් කිරීමයි. මාගේ කාර්යමණ්ඩලයේ සහ කාර්යාලයේ කිහිප දෙනෙකු කෝවිඩ් අසාධිතව සිටි. එබැවින් සෞඛ්‍ය අංශ උපදෙස් මත ස්වයං නිරෝධායනය වීමට තීරණය කලෙමි. ඔබගේ අවශ්‍යතාවය වෙනුවෙන් මාගේ කාලය දුරකථනය හරහා පමණක් වෙන්කර ඇතිබව සිහිපත් කරමි. පවතින කෝවිඩ් තත්වය හමුවේ අපි සියලු දෙනා හැකිතාක් පරිස්සමින් අපේ කටයුතු සිදුකර ගමු.

මීට පෙර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකිනි. කෙසේවෙතත් ඔහු PCR පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව ද මීට පෙර වාර්තා වුනි.

එමෙන්ම දැනට සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ හේතුවෙන් ඔහු අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now