යාචකයෙකු සමග බහින් බස් වු පුද්ගලයෙකුට අත්වු ඛේදනීය ඉරණම...

By Subodha Apr 27, 2022 03:34 AM GMT
Report

බත්තරමුල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට දී එහි සිටි යාචකයකු තියුණු ආයුධයකින් ඇනීම නිසා පුද්ගලයකු මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි

මෙම පුද්ගලයා ඊයේ (26) රාත්‍රියේ මෙම සුපිරි වෙළෙඳ සැලෙන් භාණ්ඩ මිලදී ගෙන වෙළෙඳ සැලෙන් පිටතට පැමිණි අවස්ථාවේදී එහි සිටි යාචකයා සමග බහින්බස් වීමක් සිදුව ඇති බව පොලීසිය කියයි.

එම බහින් බස් වීම දුරදිග ගොස් යාචකයා ඔහු සඟවා ගෙන සිටි තියුණු ආයුධයක් ගෙන එම පුද්ගලයාට ඇන පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

පිහිඇනුමට ලක් ව සුපිරි වෙළඳසැල ඉදිරිපිට වැටී සිටි පුද්ගලයා කොස්වත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාලඹේ පොතුඅරාව ප්‍රදේශයේ පදිංචි (57) හැවිරිදි පුද්ගලයෙකි .

සැකකාර යාචකයා සිද්ධියෙන් අනතුරුව පලා ගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් තලංගම පොලිසිය කියයි.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න...
join now