පොලිස්පතිවරයාගේ නිල නිවස සහ අගවිනිසුරුවරයාගේ නිල නිවස සැක සහිත ලෙස වීඩියෝ කළ පුද්ගලයකු අත්අඩංගුවට

Report

කොළඹ පිහිටි පොලිස්පතිවරයාගේ නිල නිවස සහ අගවිනිසුරුවරයාගේ නිල නිවස අවට මාර්ගය වීඩියෝ ගත කළ 40 හැවිරිදි පුද්ගලයෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මෙම වීඩියෝ ගත කිරීමට යොදාගත් ජංගම දුරකථනය මෙන්ම ඔහු පැමිණි සුඛෝභෝගී මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

මුළු රටම සලිත කරමින් මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවයක්

මුළු රටම සලිත කරමින් මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේත් නොසන්සුන්තාවයක්

සැකකරු මෝටර් රථය නවතා පොලිස්පතිවරයාගේ නිල නිවස අසල මාර්ගයේ සිට වීඩියෝ ගත කරන බවට ප්‍රධාන දොරටුවේ රාජකාරියේ යෙදී සිටි විශේෂ කාර්ය බලකා (STF) නිලධාරියෙකුට පළමුව නිරීක්ෂණය වී තිබේ.

එම නිලධාරියා රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකු දැනුවත් කිරීමෙන් අනතුරුව, ඔහු විසින් කොළඹ හදිසි ඇමතුම් අංශය වෙත තොරතුරු ලබා දී ඇත.

ඊට අනුව ක්‍රියාත්මක වූ කුරුඳුවත්ත පොලීසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන් කණ්ඩායමක් වහාම එම ස්ථානයට පැමිණ විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී පොලිස්පතිවරයාගේ නිල නිවස, අගවිනිසුරුවරයාගේ නිල නිවස සහ ඒ අවට මාර්ග සටහන් වී තිබූ බව පොලීසිය පවසයි.

විනෝදාංශයක් ලෙස මෙලෙස වීඩියෝ කළ බව සැකකරු ප්‍රකාශ කළ ද, දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහු පදිංචි ස්ථානය පිළිබඳව සහ වෙනත් තොරතුරු සම්බන්ධයෙන් පරස්පර අදහස් දක්වා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

මේ ප්‍රදේශ තවමත් අවදානම් තත්ත්වයේ - වහාම ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

මේ ප්‍රදේශ තවමත් අවදානම් තත්ත්වයේ - වහාම ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්

අළුබෝමුල්ල, අරුග්ගොඩ, නිවුඩාව පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.