මේ ප්‍රදේශ තවමත් අවදානම් තත්ත්වයේ - වහාම ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්
ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන තද වර්ෂාවත් සමඟ මහනුවර, නුවරඑළිය, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නිවේදනය අද (07) පෙරවරු 09:00 සිට හෙට (08) පෙරවරු 09:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ. ඒ අනුව 2 වැනි මට්ටමේ අනතුරු ඇඟවීම් මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේ, කොත්මලේ බටහිර, අඹගමුව, නුවරඑළිය, නෝර්වුඩ් සහ කොත්මලේ නැගෙනහිර යන ප්‍රදේශ සඳහා නිකුත් කර ඇත.
එසේම 1 වැනි මට්ටමේ අනතුරු ඇඟවීම් මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව, පන්විල, මැදදුම්බර, උඩපළාත, ගඟ ඉහළ කෝරළය, උඩුදුම්බර සහ දෙල්තොට යන ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, බුලත්කොහුපිටිය, යටියන්තොට, දැරණියගල සහ අරණායක ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඕපනායක සහ ඉඹුල්පේ යන ප්‍රදේශ සඳහාත් නිකුත් කර තිබේ.
අදාළ ප්‍රදේශවල ජීවත් වන ජනතාව කඳු බෑවුම්වල හෝ නායයෑමේ අවදානම් සහිත ස්ථානවල දක්නට ලැබෙන ඉරිතැලීම්, ගිලාබැසීම් හෝ ජල උල්පත් මතුවීම් ආදී පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, අවශ්‍ය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සූදානම්ව සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.